Tuesday, October 27, 2015

Setup custom domain with blogger

මේක මගේ යාළුවො කිහිප දෙනෙකුට ආව ප්‍රශ්නයක්. ඉතින් මම හිතුව අපේ දන්නෙ නැති යාලුවොන්ටත් මේ ගැන කියල දෙන්න. හිතන්නකො මෙහෙම. ඔයාල Blogger.com එකට ගිහින් blog එකක් හැදුවම ඔයාට එන්නෙ yourword.blogspot.com වගේ URL එකක්නෙ. මේකට අපිට ඕන නම් custom domain එකක් ඒ කිව්වෙ yourword.com වගේ එකක් උනද් දාගන්න පුළුවන්. මම අද කියල දෙන්න යන්නෙ කොහොමද Blogger එකේ blog එකකට domain එකක් සෙට් කරන්නෙ කියල. වැඩේ අමාරු දෙයක් නම් නෙමෙයි.






මුලින් ඔයා ගන්න වෙනව .COM Domain එකක්. ඒක ගන්න දැන අදාල වෙන්නෙ නෑ. කොහෙන් ගත්තත් මේක කරන්න පුළුවන්. (කැමති කෙනෙකුට අපේ https://www.peekhosting.com එකෙන් ගන්නත් පුළුවන්)

දැන් ඔයා ඊලඟට කරන්න තියෙන්නෙ Blogger එකට ලොගින් වෙන එක. ලොගින් වෙලා ඔයාගෙ custom domain එක ඇඩ් කරන්න ඕන blog එක උඩ click කරන්න..



දැන් එනවනෙ Blog එකට අදාලව වම් පැත්තෙන් list එකක්. ඒකෙ යටම තියෙනව settings කියල එකක්. ඒකට යන්න. එතකොට එන පේජ් එකේ ඇති Publishing කියල කොටසක්. එතන ඇති Setup 3rd party URL කියල පොඩිවට තැනක්. ඒක Click කරාම එන තැන ඔයාගෙ domain එක නිවැරදිව දෙන්න වෙනව. www.domain.com විදියට දෙන්න. www අනිවාර්යයි...



 දැන් Save button එක Press කරන්න. දැන් එයි පට්ට Error ගොඩක්..




මේ දීල තියෙන්නෙ CNAME දෙකක්. මේව Domain එක ගත්ත තැන Domain Configuration කරන පේජ් එකට දාන්න ඕන තොරතුරු කිහිපයක් මේ.

දැන් ලොගින් වෙන්න ඕන ඔයාගෙ Domain Panel එකට. ඒකෙ DNS Modify කරන තැන Add කරන්න ඕන CNAME 2ක් මේ Blogger එකෙන් දීල තියෙන විදියට. කාට හරි මේක කර ගන්න බැරි කොමෙන්ට් කරන්න හොඳද.. මම කියල දෙන්නම් තවත්. දැන් මේ CNAME 2 ඇඩ් කරල පැයක් දෙකක් ඉන්න ඕන. සමහර විට දවස් 2ක් වෙන්නත් පුළුවන්. ඊටපස්සෙ හරියටම CNAME 2 ම Add උනාට පස්සෙ ආයෙමත් Blog එකට Domain එක Add කරන්න බලන්න. ඉබේම Add වෙයි...

‍මොනව හරි අවුලක් තියෙනව නම් අහන්න හොඳද...

No comments:

Post a Comment

Buy Domains

Buy Domains